ලාබෙට ඉන්දියා යන්න අප්‍රේල් 29 වන දායින් ඇරැඹෙන ඉන්දු ශ්‍රී ලංකා බෝට්ටු සේවය.

යාපනයේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ කරෙයිකාල් අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව අප්‍රේල් මස 29 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ දිනවල සම්පාදනය වෙමින් පවතින බව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.

අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඊයේ(26) දින මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ.

මුල්වරට මෙම බෝට්ටු සේවය සඳහා රටවල් දෙකේම රාජ්‍ය මට්ටමෙන් යාත්‍රා යෙදවීමට බලාපොරොත්තුවක් නැති බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා කැඳවන ලද ටෙන්ඩර් පටිපාටියකට අනුව ඉන්ටර් ශ්‍රී නැමැති සමාගම ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහනය ආරම්භ කරන බව ද වාර්තා වේ.

එමෙන්ම වරකට මගින් 150කට ගමන් පහසුකම් සැලසෙන අතර එක් මගියෙකුට 100kg දක්වා බරක් රැගෙන යා හැකි ය.

බෝට්ටු ගමනේ ටිකට්පතක් සඳහා ගෙවිය යුතු මුදල ඇමරිකානු ඩොලර් 50 ක් වශයෙන්ද හදුන්වා දී තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *