ලයිට් කැපූ මිහින්තලේ ලක්ෂ 35 ක හිඟ විදුලි බිල ගෙවන්නට ස.ජ.බ එකඟවෙයි

මිලියන 3.5 ක හිඟ විදුලි බිල නොගෙවීම නිසා මිහින්තලා පුද බිමේ විදුලිය අද (03) දහවල් විසන්ධි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ.

මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් කියා සිටියේ මිහින්තලා රජමහා විහාරස්ථානයේ මිහිඳු සෑය ඉදි කිරීම වැනි සංවර්ධන කටයුතු රාශියක් සිදු කෙරෙමින් පවතින මොහොතක තමයි මෙම විදුලිය විසන්ධි කිරීම සිදුකර ඇති බවයි .

මේ නිසා මිහින්තලාවේ පුරාවස්තු අනාරක්ෂිත තත්ත්වයට පත්වනවා, මෙ භූමිය දඩයක්කරුවන්ගේ රජ දහනක් වෙන්න පුළුවන් යයි උන්වහන්සේ පැවසූහ.

මේ අතර විදුලිබල මණ්ඩළය විසින් ඓතිහාසික මිහින්තලා පුදබිමේ විදුලිය විසන්දි කිරීම දැඩි ලෙස හෙළාදකිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කර ඇත. මෙම විදුලිය විසන්දි කිරීම ව්‍යවස්ථාව උල්ලංඝණය කීරිමක් බව විපක්ෂ නායකයා එම නිවේදනයෙන් පවසයි .

හිඟ විදුලි බිල සමගි ජන බලවේගයත් සමගි බෞද්ධ උපදේශන කමිටුවත් එකට එකතු වී ගරු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අවවාද උපදෙස් මත දැරීමට තීරණය කළ එම නිවෙදනයේ කියවෙයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *