ලගදීම තෙල් ටැංකි වෙනුවෙන් GPS මෙවලම්

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු සියලුම ටැංකි රථ වෙනුවෙන් GPS මෙවලම් සවි කිරීම අප්‍රේල් 15වන දා වන විට අවසන් කිරීමට සැලසුම් කරන බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

එමෙන්ම පෞද්ගලික ටැංකි රථ වෙනුවෙන්ද එය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරිය සහ නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන හමුවක් අද (06) උදෑසන පවත්වනු ලැබූ සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කළේය.

ඉදිරි සති 8 වෙනුවෙන් ඉන්ධන ආනයන සැලසුම, පිරිපහදුවේ කටයුතු සහ උත්සව සමයේ අඛණ්ඩව ඉන්ධන බෙදා හැරීම පිළිබඳවත්, QR කේතයට පරිබාහිරව ඉන්ධන අලෙවිය දිගින් දිගටම සිදු කරන ලද ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමටත් එම සාකච්ඡාවේදී තීරණය කරනු ලැබුවේය.

එමෙන්ම සියලුම ඉන්ධන පිරවුම්හල් ඔවුන්ගේ ඉන්ධන ටැංකි ගබඩා තුල ධාරිතාවෙන් අවම 50%ක ඉන්ධන තොග පවත්වාගෙන යා යුතු බවටද එන සාකච්ඡාවේදී කරුණු අනාවරණය විය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *