ලංකාවේ රිලවුන්ට ඇමරිකාවෙනුත් ඉල්ලුමක්

ශ්‍රී ලංකාවේ රිලවුන් පිළිබඳව චීනය පමණක් නොව ඇමරිකා එක්සත් ජනපදයද උනන්දුවක් දක්වන බව වාර්තා වෙයි. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයද ශ්‍රී ලංකාවෙන් රිලවුන් තොගයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර තිබෙනා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

චීනය විසින් ඉල්ලා ඇති රිලවුන් ලක්ෂය ලබා දීමට අදාළව නිස්චිත ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කටයුතු යොදා ඇති බවත්, එහි නිර්දේශ අනුව ඉදිරි කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ වත්මන් රිලා ගහනය ලක්ෂ 30 කට ආසන්න බවත්, එම නිසා විශාල බෝග ප්‍රමාණයක් රිලවුන් විසින් විනාශ කරනා බවත් වාර්තා වෙයි . නිසා රිලවුන් විදේශ රටවලට ලබා දීම සුදුසු බවත් එසේ නොකරන්නැයි කිසිවෙකු ප්‍රකාශ කර නැති බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය. කෙසේ වෙතත් ඇමරිකාව තම රටට අවශ්‍ය වන රිලවුන් ප්‍රමාණය කොතෙක්දැයි මෙතෙක් නිස්චිතව දැනුම් දී නැතිබව අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *