ලංකාවේ පාපන්දුවට රටවල් 197 ක් ප‍යින් ගසති.

ලෝක පාපන්දු සම්මේලනයේ මහාසභා රැස්වීම රටවල් 208 ක සහභාගීත්වයෙන් රුවන්ඩාවේ කිගාලි අගනුවරදී අද පැවැත්වූනි. එහිදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ඡන්ද අයිතිය තහනම් කිරීමේ යෝජනවට පක්ෂව රටවල් 197 සිය චන්දය පාවිච්චිකර ඇති බව වාර්තාවේ. ඊට විරුද්ධව ඡන්දය භාවිත කර ඇත්තේ එක රටක් පමණක් බවත්, රටවල් 8 ඡන්දය ලබාදීමෙන් වැකකී ඇති බවත්, යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතවු බවත් විදෙස් මාධ්‍ය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනිසි බලපෑම්, ක්‍රීඩාවේ ස්වාධීනත්වය කඩකිරීම,අත්තනෝමතික ලෙස නවරෙගුලාසි පැනවීම , සාධාරණ නිලවරණය පැවැත්වීම සඳහා එකගවුනු නිලවරණමාර්ග සිතියම ඒක පාර්ශවිකව කඩ කිරීම වැනි කරුණු සලකා බලා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මේ තීරණය ගෙන ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *