රොනාල්ඩෝ ගෝල් 500යි


සුපිරි පාපන්දු ක්‍රීඩක 38 හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය වෘත්තීය ක්‍රීඩා සමාජ පාපන්දු තරග දිවියේ 500 වැනි ගෝලය වාර්තා කිරීමට පෙරේදා සමත් විය.
සවුදි ප්‍රෝ ලීග් තරගාවලියේ අල් නසාර් කණ්ඩායම වෙනුවෙන් ගෝල හතරක් වාර්තා කිරීමත් සමඟ රොනාල්ඩෝ මේ කඩඉමට පිවිසියේය. ඔහු මේ ගෝල 4 මිනිත්තු 30ක් තුළ වාර්තා කිරීම ද කැපී පෙනෙන සිදු වීමක් විය.
ක්‍රීඩා සමාජ 5ක් නියෝජනය කර ඇති රොනාල්ඩෝ මේ වන විට එම තරගවලදී වාර්තා කර ඇති ගෝල සංඛ්‍යාව 503කි.
එහිදී රියල් මැඩ්රිඩ් වෙනුවෙන් ගෝල 311ක්, මැන්චෙස්ටර් යුනයිටඩ් වෙනුවෙන් ගෝල 103ක්, ජුවෙන්ටස් වෙනුවෙන් ගෝල 81ක්, ස්පෝටින් ලිස්බන් වෙනුවෙන් ගෝල 3ක් සහ මේ දිනවල ක්‍රීඩා කරන අල් නසාර් වෙනුවෙන් ගෝල 5ක් රොනාල්ඩෝගේ ගෝල අතරට ඇතුළත්ය.
රොනාල්ඩෝ පසුගිය දෙසැම්බර් මාසයේදී අල් නසාර් පිල සමඟ වසර දෙකහමාරක ගිවිසුමකට එළැඹි අතර, එහි වටිනාකම යූරෝ මිලියන 200 (ඩොලර් මිලියන 216.54) කි. ඔහු මේ වන විට එම කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *