රුසියානු තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බාධා පමුණවයි .

රුසියාවේ යුක්රේන ආක්‍රමණශීලී යුද්ධයට අදාළ ඡායාරූප ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටීමෙන් ශ්‍රී ලංකාවේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සහ ප්‍රකාශනයේ නිදහස අවතක්සෙරු කිරිමට කිරීමට කොළඹ රුසියානු තානාපති කාර්යාලය උත්සහ දරණ බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි .

2025 ලෝක මාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ නෙදර්ලන්ත රාජධානියේ තානාපති වයිබේ ඩි බෝයර් විසින් 2026 පෙබරවාරි 27 වන දින වන් ගෝල් ෆේස් හිදී නිල වශයෙන් විවෘත කරන ලදී. එම ප්‍රදර්ශනයම 2026 මාර්තු 13 සිට 17 දක්වා මහනුවර සහස් උයනේදීද පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපතිවරයා මාර්තු 7 සහ 8 යන සති අන්තයේ ප්‍රදර්ශනයට පැමිණි අතර යුක්රේනයට එරෙහි රුසියාවේ ආක්‍රමණශීලී යුද්ධයට අදාළ ඡායාරූප ප්‍රදර්ශනයෙන් ඉවත්කරනා ලෙස ඉල්ලා සිටි අතර සංවිධායකයින් එසේ කිරීමට අපොහොසත් වුවහොත් විරෝධතාවක් පවත්වන බවට තර්ජනය කළේය.

මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ නෙදර්ලන්තයේ ලෝක මාධ්‍ය ඡායාරූප පදනම සමඟ එක්ව තානාපති කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබේ.

එම ඉල්ලීමම ඉදිරියට ගෙන යමින්, රුසියානු තානාපති කාර්යාලය දැන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයට ගොස් මහනුවර ප්‍රදර්ශනයෙන් එම ඡායාරූප ඉවත් කරන ලෙස ඉල්ලා ඇත. එම ප්‍රදර්ශනය දැනට ඇමරිකා එක්සත් ජනපදයේ සහ ජර්මනියේ පැවැත්වෙන අතර ප්‍රකාශනයේ නිදහස ඇති ලොව පුරා රටවල් දුසිම් ගණනක ප්‍රදර්ශනය කෙරේ.

කොළඹ රුසියානු තානාපති කාර්යාලයට ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් සැඟවීමට අවශ්‍ය වූ ඡායාරූප ඇතුළු ඡායාරූප, ඕනෑම කෙනෙකුට ප්‍රවේශ විය හැකි පරිදි World Press Photo වෙබ් අඩවියේ ද මාර්ගගතව නොමිලේ ලබා ගත හැකිය. It Smells of Smoke at Home | World Press Photo

ඕනෑම පාර්ශවයක් විසින් ජනතාවගේ දැන ගැනීමේ අයිතිය සහ ප්‍රකාශනයේ නිදහසේ අයිතිය පාවා දීමට ගන්නා උත්සාහයන් නෙදර්ලන්ත රාජධානියේ තානාපති කාර්යාලය හෙළා දකී. යම් රටක තානාපති කාර්යාලයක් තවත් රටක පුරවැසියන් දැකිය යුතු සහ නොදැකිය යුතු අන්තර්ගතය තීරණය කිරීමට උත්සාහ කළහොත් එය එම රටේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමකි.

නෙදර්ලන්ත රාජධානියේ තානාපති කාර්යාලය ලෙස, මාධ්‍ය නිදහස සහ කතුවැකි අඛණ්ඩතාවයට ගරු කිරීම ආරක්ෂා කිරීමට අපගේ කැපවීම සනිටුහන් කරනා අතර, ප්‍රදර්ශනයේ කිසිදු ඡායාරූපයක් වාරණය නොකර එහි සම්පූර්ණ අන්තර්ගතය සමඟ මහනුවර ප්‍රදර්ශනය දිගටම කරගෙන යන බව අපි ශ්‍රී ලාංකික මහජනතාවට සහතික කරමු.

මාර්තු 13 සිට 17 දක්වා සිකුරාදා පෙ.ව. 10.30 සිට මහනුවර සහස් උයනේදී ප්‍රදර්ශනය මහජනතාවට නොමිලේ විවෘතව පවතී.