රාජිතගේ නඩුවකට අධිකරණය දුන් නියෝගය .

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව ජනවාරි මස 29 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළේය .

2014 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේ දී රජයට පාඩුවක් සිදු කළ බවට හිටපු අමත්‍යවරයාට චෝදනා එල්ලවී ඇත.

මෙම නඩුව අද (11) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, මෙම විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා සංශෝධනය කිරීම සඳහා අල්ලස් කොමිසම අධිකරණයේ අවසරය ඉල්ලා සිටි අතර ඒ අනුව .විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා 13 ක් සංශෝධනය කිරීමට අධිකරණය අවසරය හිමිවිය .