රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය වෙනනෙ මෙහෙමයි..

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පූර්ණ විනිවිඳභාවයකින් යුතුව ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්බන්ධීකරණ දායකත්වය ද ලබාගන්නා බව ඔහු පැවසීය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ,”රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුවිශේෂි ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවක් ඒ සඳහා සුදුසු බුද්ධිමත් උගත් අයගෙන් මුදල් අමාත්‍යාංශය විසින් පත්කරලා තියෙනවා. මේ පිළිබඳව සුවිශේෂී සොයා බැලීමක් කරලා එකින් එක ඒ ආයතනයට ගැළපෙන පරිදි ඉතා විනිවිඳභාවයෙන් යුතු ප්‍රතිව්‍යුහගත කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඊට අමතරව මම ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිසංස්කරණය කොටස.. ජාත්‍යන්තර මුල්‍ය අරමුල සමග ඇතිකරගත් එකඟතාවය විදිහට රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කියන පරිච්චේදය කියවන්න. එකේ ඉතා පැහැදිලිව තියෙනවා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණයදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණයක් ඇතිව පරිපුර්ණ ක්‍රමඋපායක් යටතේ විතරක් මේක කරන්න කියලා. පරිපුර්ණ ක්‍රමයක්. මෙතනදි විශේෂයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණයක් තියෙනවා. ඒ නිසා විවිධ අත්දැකීම් තියෙන්න පුළුවන් නමුත් මේ වතාවේ ඉතාමත් උපරිම ලෙස විනිවිඳභාවයෙන් යුතුව රටට, රජයට ලැබිය යුතු උපරිම වාසිය ලැබෙන පරිදි තමයි මේ ප්‍රතිව්‍යුහගතකරන කරන්න සූදානම්.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *