රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යනු ඒවා විකිණීම නෙවෙයි – රාජ්‍ය මුදල් ඇමති කියයි

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යනු ඒවා විකිණීම නොවන බවත් රාජ්‍ය ඒකාධිකාරීත්වය අවම කර ජනතාවට අවශ්‍ය සේවා කාර්යක්ෂමව ලබාදීමට එම ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් හැකියාව ලැබෙන බවත් කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා,

“ප්‍රතිව්‍යුහගතකරණය තවත් එක් පියවරක්. හුඟක් අය කියන්ගේ ප්‍රතිව්‍යුහගතකරණය කියන්නේ විකිණීම කියලානේ. නැහැ, රාජ්‍ය ඒකාධිකාර්යය අඩු කරලා ජනතාවට අවශ්‍ය සේවය පහසුකම් සහිතව සැපයීමේ එක පියවරක්. ඒ සමාගම් තුළින් තෙල් ගෙනන්න එක අපට අද තියෙන ප්‍රධාන ප්‍රශ්නයක්. තෙල් සුලබ කිරීම. අපිට තිබෙන විනිමය හිඟය නිසා තාමත් පාලනයක් කරනවා. එ් පාලනය නිසා තමයි තාමත් අපිට යම්කිසි පාලනයක් ඇතිව තෙල් ටික නිකුත් කිරීමට සිදුවෙලා තියෙන්නේ. මේ තුළින් අංක 1කට අපි කරන්න සූදානම් වෙලා තියෙන්නේ, තෙල්වල හිඟය නැති කරලා සුලබ කිරීම. දැන් මේකේ සඳහන් වෙනවා නේ සමාගම්වලට තෙල් අඩු මිලට විකිණීමට අවස්ථාව ලබා දෙනවා කියලා. ඒක තමා වැදගත්ම දේ. මේ කාලේ පවතින ඒකාධිකාරය බිඳිලා නිර්මාණය වන තරගය තුළින් ඒ ලාභය ජනතාවට ලබා දීම. තුන්වෙනි එක රජයට ලබන මෙතෙක් අලාභ වෙනුවෙට ඉතා පහසුවෙන් මේ සමාගම් තුළින් නිශ්චිත බදු මුදලක් ආදායමක් ලබා ගැනීම. මේ රාජ්‍ය අයතන ප්‍රතිව්‍යුහත කිරීම යම් නිශ්චිත හොඳ පියවරක් ලෙස අපිට පෙන්වන්න පුළුවන්.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *