රස්න සහිත කාලගුණය මැයි මාසය අවසන්වන තෙක්

ජනතාව අපහසුතාවයට පත්වන අධික රස්නය සහිත කාලගුණික තත්ත්වය මැයි මාසය අවසන් සතිය වන තෙක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මීට ප්‍රධාන හේතුව ශ්‍රී ලංකාව ආශ්‍රිතව වායු ගෝලයේ පවතින සුළං ප්‍රවාහයේ අඩුවීම බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රීතිකා ජයකොඩි පවසයි.

අහස වළාකුළුවලින් තොරවීම සහ හිරු එළිය සෘජුව පොළොවට පතිතවීම යන කරුණු හේතුවෙන් අධික රස්නය සහිත කාලගුණ තත්ත්වය වැඩි වශයෙන් ජනතාවට දැනෙනු ඇති බව ද, මේ හේතුවෙන් අව්වට නිරාවරණය වීම අවම කරගැනීමේ වැදගත්කම අධ්‍යක්ෂවරිය අවධාරණය කළාය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *