සතුන්ගෙන් සිදුවන වගා හානි වැළැක්වීම සඳහා ගොවීන්ට වායු රයිෆල් 1000ක් මේ වසරේ ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.
මෙම වායු රයිෆල් 50% ණය යෝජනා ක්‍රමයක් යටතේ හදබිම අධිකාරිය මගින් ගොවීනට ලබාදීමට නියමිතය. ඉකුත් වසරේ වායු රයිෆල් 750 බෙදා දුන් අතර එහි සාර්ථක බව මත මෙවර වායු රයිෆල් 1000 බෙදා දීමට නියමිතය .
හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකර්ම පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් කරන ලද පර්යේෂණයකින් සමස්ත අස්වැන්නෙන් 30% ත් 40% අතර ප්‍රමාණයක් රිලවුන්, වඳුරන්, දඬු ලේනුන් සහ මොණරුන් විසින් ආහාරයට ගන්නා බව තහවුරුව ඇත.
වන සතුන්ගෙන් සිදුවන වගා හානිය වළක්වා ගැනීමට විකල්ප මාර්ග යෝජනා කරන ලෙස සත්ව අයිතිවසිකම් වෙනුවෙන් පෙනී සිටිනා සංවිධාන වලින් ඉල්ල සිටියද ඊට සාධනීය විසඳුමක් ලැබී නැතිබව අමාත්‍යාංශය පවසයි .
රිලවුන්, වඳුරන් සහ දඬු ලේනුන් පලවා හැරීම සඳහා බෝග ආරක්ෂණය සඳහා වායු රයිෆල් ඉතා සාර්ථක වී ඇත. එහෙත් මොණරුන් සහ වන අලි පලවා හැරීමට වායු රයිෆල් එතරම් සාර්ථක නොවන බව ගොවීහු පවසති.