රනිල් විමල්ගේ පොත ඉල්ලයි

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් මෑතක දී එළිදක්වන ලද කෘතිය කියවීමට තමාද උනන්දුවෙන් පසුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබේ. ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර ඇත්තේ තමා හමුවීමට පැමිණ අමාත්‍යවරු කණ්ඩායමක් සමග පැවති සාකච්චාවකදීය .

පසුගිය වසරේ ජූලි 9 දා සහ ඒ ආසන්න කාලයේ දී කොළඹ ඇමරිකානු තානාපතිනිය අරගලය සදහා දැක්වූ මැදිහත්වීම පිළිබඳව විමල් වීරවංශ කරන ලද ප්‍රකාශයන් ආන්දෝලනයට ලක්ව ඇතැයි එහිදී අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ. විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයන් සත්‍යයක් බව බොහෝ දෙනා සිතන බවත් මන්ත්‍රීවරුන් පෙන්වාදී තිබේ.

එහෙත් එම අවස්ථාවට සහභාගීවූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසා ඇත්තේ ඇමරිකානු තානාපතිනිය හා ආරක්ෂක අමාත්‍යාංශය විසින් කෘතියේ කරුණු අසත්‍ය බවට නිවේදන නිකුත් කර ඇති බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *