ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරග කරන්නේ නැතැයි විපක්ෂ නායක සජිත් වික්‍රමසිංහ මහතා බොරු ප්‍රචාරයන් සිදුකරන බවත් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට තරග කිරීම සමගි ජන බලවේගයට මරු පහරක් බව ඔවුන් දන්නා නිසා එවැනි බොරු ප්‍රචාරයන් සිදුකරන බවත් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.
රට ගොඩනැගීමට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියටත් ක්‍රියාත්මක වන බව කියා සිටි අමාත්‍යවරයා නිලවශයෙන් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරනු ඇති බවයි වැඩිදුරටත් පැවසුවේ.
“ජනාධිපතිවරණයට තව කල් තියෙනවා. කලින් පීදෙන්න අවශ්‍යතාවයක් නැහැ. බොහෝ අය මැතිවරණ ව්‍යාපාර බොහෝ කාලයකට කලින් ඉදලාම පටන් ගෙන දැන් කඩාගෙන වැටිලා බිම ඇණ ගන්න තත්ත්වෙකට පත් වෙලා තියෙන්නේ. ආයේ ඔවුන් 3%ට වැටෙන්න පටන්ගෙන තියෙනවා. අපි නියමිත සැලසුමක් ඇතිව කටයුතු කරන්නේ.” යනුවෙන් මනුෂ නානායක්කාර අමාත්‍යවරයා පැවසුවා.
ඔහු මේ බව පැවසුවේ අද (21) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
එම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙලෙස කියා සිටියා.
“වියත් මග ඇවිත් ගෝඨාභය රාජපක්ෂ මහතාට වැරදි උපදෙස් දීලා, මේ රට අර්බුදයට පත් වෙන තැනට ගේන්න කටයුතු කළා. මේ දිනවල සමගි ජන බලවේගයේ බලය අත්පත් කරගෙන ඉන්නේ අන්න ඒ වියත් මගේ හිටපු අය. සමගි ජන බලවේගයේ හිටිය එජාපයේ මතය දරන කණ්ඩායමට ඒ පක්ෂයේ තැනක් නැහැ.
ඊයේ රෑ සජිත් ප්‍රේමදාස මහත්තයා සජබයේ මන්ත්‍රීවරුන්ට රැස්වීමක් තියලා සංග්‍රහයක් දීලා තියෙනවා. හැබැයි ඒකට ඇවිත් තියෙන්නේ වසන්ත බණ්ඩාර, ජී.එල් පීරිස්, ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත, මයන්ත, සංජය, කබීර්, අලවතුර, එරාන් විතරයි. කබීර්, එරාන්ටත් දැන් එතන ඉන්න බැරුව ඉන්නේ. මොකද එයාලගේ ආර්ථික ප්‍රතිපත්තිය නෙමෙයි දැන් සමගි ජන බලවේගයේ තියෙන්නේ.
දැන් තියෙන්නේ නාලකලගේ, ජීඑල්ලගේ ආර්ථික ප්‍රතිපත්තියක් සහ දේශපාලනික ප්‍රතිපත්තියක්. ඒ නිසා ඉතාමත් සුළු මන්ත්‍රී කණ්ඩායමක් තමයි සජිත් මහත්තයාගේ සංග්‍රහයටත් සහභාගී වෙලා තිබුණේ. මේ වෙනකොට මන්ත්‍රීවරු රාශියක් අප සමග සාකච්ඡා කෙරෙමින් පවතිනවා. සමගි ජන බලවේගයේ දැන් ඉන්න එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු රාශියක් ඉදිරියේ දී නැවතත් අපේ පක්ෂයට එක් වෙන්න සූදානම්. පිරිසක් උත්සාහ කරනවා සජිත් මහත්තයාට තේරුම්කරලා දීලා නැවත පක්ෂය විදියට අපි එක්ක සන්ධානගත වෙන්න.”