රතු සීනි හා මුං ඇට ආනයනයට අවසර ඉල්ලයි

ආනයන තහනම ඉවත් කර මුං ඇට සහ රතු සීනි ගෙන්වීමට අවසර ලබා දෙන්නැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළඳුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත.


එම භාණ්ඩ සඳහා පවතින දැඩි ඉල්ලුම හේතුවෙන් සහ ඉහළ මිල සලකා, තීරු බදු පනවා හෝ අදාළ අවසරය ලබාදෙන ලෙස ද ඉල්ලීම් කර ඇත.


අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළඳුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මේ බව ප්‍රකාශ කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *