රත්‍රං මිල පහළට

රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇත. අද (31) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 149,000 ක් දක්වා පහළ ගොස් තිබේ.

පසුගිය සතියේ බදාදා දිනයේ දී එය රු. 154,500ක් ලෙස වෙළඳපොල තුළ දක්නට ලැබුණු බව වාර්තා වේ.

මේ අතර සිකුරාදා රු. 167,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 161,000 ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *