සිය ඉල්ලීම් හමුවේ ආණ්ඩුවේ වගකීම් විරහිත හැසිරීම නිසා අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක අද (26) පෙරවරු 8.00 සිට නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි .
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග 05 ක් ඔස්සේ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව,
01.සායන හා බාහිර රෝගී ප්‍රතිකාර ඒකක තුළ නොමැති ඖෂධ පිටත ඔසුසැල්වලින් මිලදී ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීම
- රෝහල් පද්ධතිය තුළ නැති රසායනාගාර පරීක්ෂණ, පිටත රසායනාගාරවලින් හා පිටත පෞද්ගලික රෝහල්වලින් සිදු කර ගැනීමට තුණ්ඩු නැත්නම් නිර්දේශ නිකුත් නොකිරීම.
- දැනට අනුමත වෛද්‍යවරු සංඛ්‍යාව සැපයීමට නොහැකි නම් සහ අනුමත වෛද්‍යවරු සංඛ්‍යාවක් අනුමත කරගෙන නොමැති නම් රෝහල් පද්ධතිය තුළ නව ඒකක ආරම්භ කිරීමට අවස්ථාව ලබා නොදීම.
- සමහර අවස්ථාවන්වල දේශපාලනික වුවමනාවට හා දේශපාලනික අවශ්‍යතාවයන් මත පවත්වන යම් යම් සායන සහ සෞඛ්‍ය කඳවුරුවලට සහයෝගය නොදැක්වීම.
- යම් රෝහලක, සායනයක සහ බාහිර ප්‍රතිකාර ඒකකවල රෝගියා පරීක්ෂා කිරීමේදී වෛද්‍යවරයාට සහයට, සහයක නිලධාරියෙක් ලබා නොදෙන්නේ නම් වෛද්‍යවරු ඒ ස්ථානවල රාජකාරීවලින් ඉවත් වීම.
යන ක්‍රියාමාර්ග 05ක් යටතේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදු කිරීමට නියමිත බව වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය .
මෙම තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේස්ත්රයේ සිදුවිය හැකි බිඳ වැටීම් පිළිබඳව පුර්න වගකීම රජය බාරගත යුතු බවද ඔහු සඳහන් කළේය .