යුද්ධය නිසා තේ කර්මාන්තයට දැඩි බලපෑම් .

ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට පහර දීමත් සමග මැදපෙරදිග කළාපයේ ඇති වී තිබෙනා යුධ තත්ත්වය ශ්‍රී ලංකාවේ තේ අපනයනයට ආයහපත් ආකාරයෙන් බලපානා බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩළයේ සභාපති මංගල විජේසිංහ පවසයි .

ශ්‍රී ලංකාවේ සමස්ත තේ අපනයනයෙන් 35% පමන මැදපෙරදිග රටවල් මිලදී ගනි. එහෙත් යුධමය තත්ත්වය නිසා එම අපනයනයන් බිඳ වැටෙමින් පවතින බව ඔහු වැඩි දුරටත් පැවසීය .

දැනට ගබඩාවල ගොඩ ගැසී ඇති තේ තොග ගුවන් මගින් හෝ විකල්ප මුහුදු මාර්ග ඔස්සේ අපනයනය කිරීමේ හැකියාව සළකා බලමින් සිටිනා බව ඔහු වැඩි දුරටත් පැවසීය.