යුද්ධය ගැන සෘණාත්මක වාර්තා පලකරන මාධ්‍ය වේදීන්ට ට්‍රම්ප් තර්ජනය කරයි .

ඉරානයේදී බිම හෙළන ලද ගුවන් ඇමරිකානු යානයේ සිටි ගුවන් භටයෙකු බේරා ගත් බව මුලින්ම වාර්තා කළ මාධ්‍යවේදියාට එම තොරතුරු ලැබුණේ කෙසේද යන්න ඔහු වහා හෙළි කළ යුතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි . එසේ කිරීමට එකඟ නොවන්නෙනම් ඔහු බන්ධනාගාර ගතවීමට ඔහු සූදනම් වීය යුතු බවත්, ජාතික ආරක්ෂාව යනු මාධ්‍ය ආයතනයක ජනප්‍රිය බව ඉක්මවා ගිය දෙයක් බවත් ඔහු වැඩි දුරටත් පැවසීය .

එම පුවත සෘජුවම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත්, එය නොතකා කටයුතු කිරීම මාධ්‍ය නිදහස ලෙස කිසිවෙකුත් නොසිතිය යූතුබව ඔහු සඳහන් කළේය .

ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය පිළිබඳ මාධ්‍ය ආවරණය ඉතා සෘණාත්මක බවත්, ඒ පිළිබඳව තමා ඉතා කනස්සලලට පත්ව සිටිනා බවත ඔහු සඳහන් කළේය.

සිකුරාදා ඉරානයට ඉහළින් එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානයක් වෙඩි තබා බිම හෙළීමෙන් පසු, යානයේ සිටි ගුවන් භටයින් දෙදෙනාගෙන් එක් අයෙකු එක්සත් ජනපද ගලවා ගැනීමේ හමුදා විසින් සාර්ථකව සොයා ගත් බව වාර්තා කරන ලදි . එහෙත් ඒ අවස්ථාවේ එම යානයේ සිටි අනෙක් සෙබළා සොයා ඇමරිකානු සෙබළුන් ඉරාන භූමියට ඇතුල්වී සිටි අතර එක් සෙබළෙක් බේරගත් බව කල් තබා වාර්තා කිරීම අනෙක් සෙබාලා ගළවාගැනීමට බාධාවක් විය හැකිව තිබු බව ඔහු සඳහන් කරයි .

“අපි පළමු එක ගැන පැයක් කතා කළේ නැහැ. ඊට පස්සේ කවුරුහරි යමක් කාන්දු කළා, ඒකෙන්, අපි බලාපොරොත්තු වෙනවා ඒ කාන්දු කරන්නා සොයා ගන්න . ඒ කාන්දු කරන්නා සොයා ගැනීමට අපි ගොඩක් මහන්සි වෙනවා, කොහොම උනත් අවසානයේ සතුරාගේ භූමියට රිංගලා ඇමරිකානු සෙබලා බේරාගන්නට හැකි වුනා. අපි කවුරුවත් දමා එන්නේ නෑ ” ධවල මන්දිර මාධ්‍ය හමුවකදී ට්‍රම්ප් පැවසීය.