යුක්‍රේනය විදුලිය අපනයනය ආරම්භ කරයි

මාස 06කට පමණ පසු යළිත් විදුලිය අපනයනය කිරීමට යුක්‍රේනයට හැකියාව ලැබී තිබේන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය ඔක්තෝබර් මාසයේදී රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ බලශක්ති සැපයුම බිඳවැටුණු අතර යුක්‍රේනයේ නගර රැසක විදුලි විසන්ධි වීම් ද සිදුව තිබුණි.

කෙසේවෙතත් යළිත් වරක් විදුලි අතිරිත්තයක් පවතින බැවින් එය අපනයනය කිරීමට සැලසුම් කර ඇති බව යුක්‍රේනයේ බලශක්ති අමාත්‍ය හර්මන් හලුෂ්චෙන්කෝ ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

විදුලිය අපනයනය කිරීමෙන් ලැබෙන මුදල්වලින් හානියට පත් බලශක්ති යටිතල පහසුකම් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා යොදා ගන්නා බව යුක්‍රේන බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *