යුක්‍රේනයෙන් 75% රුසියාව අල්ලා ගනී

යුක්‍රේන රුසියා යුද්ධය ආරම්භ වීමත් සමග ඇති වූ දරුණුතම සටන් පසුගිය දින කිහිපය තුළදී වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාව යුක්‍රේනයට කාලතුවක්කු සහ ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.ඒ, බකමූත් නගරය අත්පත් කර ගැනීමේ සටන් අතරතුරදීයි.

එම ප්‍රහාර මගින් දෙපාර්ශ්වයටම දැඩි හානි වී ඇති බවත්, මේ වනවිට එම නගරයේ භූමි ප්‍රදේශයෙන් 75%ක් පමණ රුසියානු හමුදා යටතට පත්ව ඇතැයි ද විදෙස් මාධ්‍යවල සඳහන් වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *