මෝටර් රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට

නුවර සිට මාතර දක්වා ධාවනය වු දුම්රියට කොග්ගල ප්‍රදේශයේ දී මොටර් රථයක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොග්ගල පොහොර ගබඩාව අසල පිහිටි දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ මෝටර් රථය අනතුරට ලක්ව එම ස්ථානයේ සිට මීටර් 200ක් දුරින් පිහිටි කොග්ගල ගුවන් හමුදා කඳවුර අසල පිහිටි දුම්රිය හරස් මාර්ගය දක්වා ම දුම්රියේ පැටලී ඇදි ගොස් ඇත.

අනතුරට ලක්වු මෝටර් රථය තුළ පුද්ගලයින් දෙදෙනෙක් සිරවී සිටි අතර ඔවුන්ව බේරාගැනීමට ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දැරූ නමුත් දෙදෙනා ඒ වනවිටත් ජීවිතක්ෂයට පත්ව සිට ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *