මොළයේ උණ රෝග වැළැකීමේ එන්නත් හිඟයක්

මෙනින්ජයිටිස් හෙවත් මොළයේ උණ රෝගය වළක්වා ගැනීම සඳහා ලබා දෙන එන්නත මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරයි.

විශේෂයෙන්ම මෙම මොළයේ රෝගය පැතිරී යන රටවල සංචාරය හා අධ්‍යාපන කටයුතු සඳහා පිටත්ව යන පුද්ගලයින්ට වෛද්‍ය පරීක්ෂන ආයතනයේ එන්නත් මධ්‍යස්ථනාය මඟින් මෙම එන්නත ලබා දීම සිදු කරන බවද, එම සංගමයේ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම රෝගය පැතිරී ඇති රටවල සිටින පුද්ගලයින් මෙරටට පැමිණියහොත් විශාල ගැටලුවක් නිර්මාණය වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන් ම මෙම එන්නත පුද්ගලික අශයෙන් ලබා ගැනීමට හැකියාවක් තිබුණද ඇතැම් ස්ථානවල මෙය රක්ෂිත ලෙස ගබඩා කර නොතිබීම නිසා ගැටලු නිර්මාණය වීමට හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *