මේ ධනිෂ්කගේ නීතිඥයා නෙමෙයිලු

තමාගේ නීති කටයුතු සම්බන්ධයෙන් ආචාර්ය චානක සේනානායක මහතා සමඟ කිසිදු සබඳතාවයක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික ධනිෂ්ක ගුණතිලක මහතා සඳහන් කරනවා.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නීතිඥ ආචාර්ය චානක සේනානායක මහතාට සමගි ජන බලවේගයේ ගම්පහ ආසනයේ සංවිධායක ධූරයක් පිරිනමා ඇති බවත් ඔහු ධනිෂ්ක ගුණතිලකගේ නීතීඥයා බවත් ඊයේ (10) දිනයේ පළ වූ ප්‍රවෘත්තිවල සඳහන් වී තිබුණා.

අදාළ පාර්ශවයන් විසින් එම තොරතුරු ප්‍රචාරය කර ඇති නමුත් චානක සේනානායක මහතා තමාගේ නීතිඥයා බවට පළවන තොරතුරු අසත්‍ය බවත් ධනිෂ්ක ගුණතිලක මහතා වැඩිදුරටත් කියා සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!