”මේ අවස්ථාව ගිලිහොනොත් ලංකාව ලෙබනනයක් වෙනවා”. මහාචාර්ය රොහාන් සමරජීව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන මේ අවසන් අවස්ථාව ගිලිහී ගියොත් ශ්‍රී ලංකාව නියත ලෙසම ලෙබනනයක් වනු ඇති බව මහාචාර්ය රොහාන් සමරජීව සඳහන් කරයි.රූපවාහිනි නළිකාවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

අද වන විටත් ලෙබනනයේ දේශපාලන පැලැන්තියට එකගතාවකට පැමිණීමට බැරි වී ඇති බව පැවසූ ඔහු තවමත් එරට බැංකු පද්ධතිය සක්‍රීය කර ගැනීමට පවා රජයට බැරි වී ඇති පවසයි. අඩුම තරමින් තමන්ගේ මුදල් බැංකුවෙන් ගැනීමට පවා හැකියාවක් නැති බව පැවසූ ඔහු ඒ නිසා ඇතැමුන් සෙල්ලම් පිස්තෝල ගෙන බැංකුවලට පැන තමන්ගේ මුදල් ඉල්ලා සිටින බවද පැවසීය.

මෙම තත්ත්වය මඟහරවා ගැනීමට කළ යුතු දේ වන්නේ මෙරට ඵලදායිතාව වර්ධනය කර නවෝත්පාදනය ඉහළ නැංවීම බවත් සදහන් කළේය. අපනයන වර්ධනය කිරීමෙන් තොර මින් ගැලවුමක් නැති බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *