මුළු සිරුරේම පච්ච කෙටූ තායි ලඳුන් (Photos)

යන්ත්‍රා පච්ච කෙටීම සාම්ප්‍රදායික තායි චාරිත්‍රයක් වශයෙන් සැලකෙනවා. එමගින් ආරක්ෂාව, ශක්තිය සහ වාසනාව යන “මැජික් බලයන්” ලබා දෙන බවට තායි ජාතිකයන් විශ්වාස කෙරේ.

කොහොම වුණත් මුළු සිරුරේම ටෑටූ ගහන්න තායි කාන්තාවන්ට තහනම් දෙයක් වශ‍යෙන් සැළකෙනවා. නමුත් එම සම්ප්‍රදායන් බිඳ දමමින් තායි ජාතික ඇදුම් මසන්නියක් වන ජිරාන් ශින්මාර්ට් සහ කෝපි අලෙවිසැල් හිමිකාරියක් වන පිම්නිපා වේරවන් යන කාන්තාවන් දෙදෙනා මුළු සිරුරේම ටැටූ ගහලා තියෙනවා.

මේ ටැටූ ගැසීම සම්බධයෙන් ජිරාන් ශින්මාර්ට් කිව්වේ මේ වගේ අහසක්.

“සමහර මිනිස්සු කිව්වා මුළු සිරුරම කැත කරගෙන කියලා. මගේ දෙමව්පියන් මම නිසා ලැජ්ජා වෙනවා කිව්වා. මම අම්මගෙන් ඇහුවම අම්ම කිව්වා ඒ ගැන ප්‍රශ්නයක් කර ගන්න එපා කි‍යලා. සතුන්ගේ රූප, පාලි වැකි මගේ ඇගේ කොටලා තියෙනවා. මම ටැටූ ගහන්න පටන් ගත්තෙ දැනට අවුරුදු 14කට කලින්. මගේ මුල්ම ටැටූ එක ගැහුවේ බෙල්ල පිටිපස්සේ. තව ටැටූ ගහන්න ආස වුණත් දැන් මගේ සිරුරේ ඉඩ නැහැ”

“ගොඩාක් අය කියනවා දැන් ටැටූ වැඩී කියලා. මේ මගෙ හම. මගේ සල්ලි. මගේ වේදනාව. මිනිස්සු මොන දේ කිව්වත් මට වැඩක් නෑ. ඒ නිසා මම ඒ මිනිස්සු ගැන වද වෙන්නෙ නෑ. සමහර පුද්ගලයන් නම් මේ ටැටූ දිහා කලාත්මකව බලනවා. දැනට අවුරුදු 8කට කලින් තමයි මම මුලින්ම ටෑටූ එකක් ගැහුවේ.” යනුවෙන් පිම්නිපා වේරවන් පවසනවා.

සම්ප්‍රදායට අභියෝග කළ මෙම කාන්තාවන් දෙදෙනා නිසා තවත් බොහෝ තායි කාන්තාවන් ද මුළු සිරුරේම ටැටූ ගන්න යොමු වෙලා කියලයි වාර්තා වෙන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!