මුල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව මොරොක්කෝවේදී පැවත්වේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද (09) මොරොක්කෝවේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

රටවල් රැසක මුදල් අමාත්‍යවරුන්, මහ බැංකු අධිපතිවරුන් ඇතුළු නිලධාරීන් රැසක් ඊට එක්වීමට නියමිතය.

මෙවර සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන අය ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *