මුදලිගේ අස්වෙයි. අන්තරේ බලය අල්ලන්න දේශපාලන පක්ෂ දෙකක් සටනේ

එළඹෙන 20දා පැවැත්වීමට නියමිත අන්තර්විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සැසිවාරයේදී වසන්ත මුදලිගේ ඉල්ලා අස්වීම නිළවශයෙන් ප්‍රකාශයට පත්කොට නව කැඳවුම් කරුවෙක් පත් කරගැනීම සිදුවෙන බව එහි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

කරුණු කිහිපයක් මත මේ වන විට අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩළය තුළ දැඩි මතවාදී ගැටුමක් නිර්මාණය වෙමින් පවතින බව වාර්තවේ. ඒ අනුව මිළඟ කැඳවුම්කරු වනු ඇතැයි බොහෝ පාර්ශව බලාපොරොත්තු තබා සිටි ටෙරන්ස් රොඩ්‍රිගු සහ කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති කොබෙයිතුඩුවේ සමිත හිමි අන්තරයෙන් ඉවත් කිරීමටද පසුගිය 14 වෙනිදා පැවති සැසිවාරයේදී තීරණය වි ඇත.

ටෙරන්ස් රොද්‍රිගු යනු වසන්ත මුදලිගේ අත් අඩංගුවේ පසුවූ කාලයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩළයේ වැඩබලන කැඳවුකරු ලෙස කටයුතු කළ පුද්ගලයාය. පසුගිය 14 වනදා පැවති සැසිවාරයේදී තමා ඉල්ලා අස්වෙන බව වසන්ත මුදලිගේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩළයට දන්වා ඇත.

නව කැඳවුම්කරු තෝරාගැනීම සඳහා නිළවරනයක් පැවැත්වීමට නියමිත බවත්, ඒ සඳහා
පේරාදෙණිය, සබරගමුව, රුහුණ මහාශිෂ්‍ය සංගම් පමණක් නොව කඹුරුපිටිය කෘෂි පීඨශිෂ්‍ය සංගමයටද සහභාගී වීම තහනම් කර ඇති බව වාර්තා වේ.

නව කැඳවුම්කාර ධූරය සඳහා විවෘත විශ්ව විද්‍යාලයේ මොහොමඩ් රිෆාත් (බයිරා), පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මධුෂාන් චන්ද්‍රජිත් නොහොත් භීමා සහ කැළණිය සරසවියේ ජනිත් ජනජය යන තිදෙනා යෝජනා වීමට බොහෝ දුරට ඉඩ ඇතිබව වාර්තාවේ

කෙසේ නමුත් වැඩබලන මධුෂාන් චන්ද්‍රජිත් නව කැඳවුම්කරු තනතුරටගෙන ඒම සඳහා වෙනමම ක්‍රියාන්විතයක් සිදුවෙමින් පවතින බවත්, මේ වනවිට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සතුව ඇති අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩළයේ බලය ජනතා විමුක්ති පෙරමුණ වෙත මාරු කර ගැනීමට සිදුවන ගන්නා උත්සහය නිසා දරුණු බෙදීමක් ශිෂ්‍ය ව්‍යාපරය තුළ ඇති වෙමින් පවතින බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *