මිලියන 92 ක හෂීස් සමඟ ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට

හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 92 ක පමණ තොගයක් රැගත් විදේශීය යාත්‍රාවක් සමඟ ඉන්දීය සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ, නාවික හමුදාව, තලෛමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීය.

එම යාත්‍රාව තුල උර 03 ක අදාළ හෂීස් කිලෝ ග්‍රෑම් 92 ක පමණ තොගය අසුරා තිබූ බවත්, එහි වටිනාකම රුපියල් මිලියන 92 කට අධික බවත්, නාවික හමුදාව ප්‍රකාශ කරයි.

අදාළ මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෛමන්නාරම පොලිසිය වෙත භාරදුන් බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *