මියන්මාර හමුදාවේ ගුවන් ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

මියන්මාර හමුදාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 133 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය 2021 වසරේ පෙබරවාරි මාසයේ දී කුමන්ත්‍රණයක් මගින් මියන්මාර පාලන බලය අත්පත් කර ගැනීමෙන් පසු හමුදාව සහ සිවිල් වැසියන් අතර ගැටුම් ආරම්භ වූ අතර මෙම ප්‍රහාරයත් සමග තත්ත්වය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි බව ද මත පළවේ.

මියන්මාර රජයේ මානව හිමිකම් අමාත්‍ය Aung Myo Min වැඩිදුරටත් පවසන්නේ මියගිය පුද්ගලයින් අතර ළමුන් ද සිටින බවය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *