ජනකාන්ත ඉන්දීය ගායක ගායිකාවන් රැසක් සමග ශ්‍රී ලාංකේය ගායන ශිල්පීන් සහභාගීවන දැවැන්තම සංගීත සංදර්ශනයක් මැයි 1 වැනිදා රාත්‍රී 7 සිට මාලිගාවත්ත පොලිසිය ඉදිරිපිට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ ලංකාවේ අති දැවැන්ත එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලියට සමගාමීවයි.
ක්‍රිෂ්, සත්‍යප්‍රකාශ් ,රම්‍යා ,වෘෂා බාලු සමඟින් රේෂ්මා එස් ශ්‍යාම් යන දමිළ හා තෙලිඟු ගායක ගායිකාවන් ඒ සඳහා සහභාගී වන බව සඳහන් වනවා.
ශේන් සිං ප්‍රමුඛ ලයින්වන් සංගීත කණ්ඩායම එහි සංගීතය සපයනවා.
මෙම සංගීත ප්‍රසංගය නොමිලේ පැවැත්වෙන බැවින් ඔබට ඒ සඳහා සහභාගී විය හැකියි.