මැතිවරණ කොමිසමෙන් සියළු දේශපාලන පක්ෂවලට කැඳවීමක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීම දේශපාලන පක්ෂ සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පවතින තත්ත්වය හමුවේ නියමිත දිනට මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවත්
පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු මාර්තු මස 28 වන දින සිට 31 වන දින දක්වා සිදුකිරීමට නියමිත අතර මැතිවරණය අප්‍රේල් 25 වන දින පැවැත්වීමට දින නියම කර තිබේන බවත් එහි සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා සඳහන් කළේය.

කෙසේවෙතත් තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනට ලබාදීමට නොහැකි බව රජයේ මුද්‍රණාලය විසින් දැනුම් දී ඇති බැවින් අදාළ දිනයන්වල මැතිවරණය පැවැත්වීම ගැටලු සහගත වී ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින් ලබන 23 වන දින මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබේ.

එහිදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *