හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර අද (02) උදෑසන අභාවප්‍රාප්ත වු බව පවුලේ ආරංචි මාර්ග පවසයි .
ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයවූ 1971 කැරැල්ලේ ප්‍රබල සාමාජිකයෙක් වූ ඔහු මහ නඩුවේ 25 වන විත්තිකරු විය.
අවස්ථා ගනනාවකදී පාර්ලිමේන්තුවනියෝජනය කළ ඔහු තැපැල් හා විදුලි සංදේශ, ධීවර සහ ජලජ සම්පත්, වනවගා සහ පාරිසරික ඇතුළු අමාත්‍ය ධුර රැසක් හෙබවීය .
අකුරැස්ස ගොඩපිටියේ දී එල්.ටී.ටී.ඊ සංවිධානය එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබීමෙන් අනතුරුව දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඔහු ඒ හේතුවෙන් සක්‍රීය දෙශපාලනයෙන් ඉවත් විය . මියයන විට ඒ 83 වන වියේ පසුවූ ඔහු හිටපු අමාත්‍ය කංචන විජේසේකර පියාණන්ය.