මහින්දානන්ද ගැන හොයන්න ‘පොලිසිය’ ජනාධිපති කාර්යාලයටත් පනී

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාගෙන් පොලිසිය පැයකට වැඩි කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති බව වාර්තා වනවා.

තමා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගිවී එළියට පැමිණෙමින් සිටියදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමාට අතින් පයින් පහර දුන් බව ගුණතිලක රාජපක්ෂ මහතා පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබෙනවා.

එම පොලිස් කණ්ඩායම ගැටුම සිදුවූ ජනාධිපති කාර්යාලයට ගොස් එහි නිලධාරීන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තාවනවා.

ප්‍රතිපාදන සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමකින් අනතුරුව ඔහු තමාට මෙසේ පහර දුන් බව ද රාජපක්ෂ මහතාගේ කට උත්තරයේ සඳහන් වනවා.

පාදයේ පැය හතරක ශල්‍යකර්මයෙන් පසු දැඩි සත්කාරයකට ඇතුළත් කරනු ලැබ සිටි ගුණතිලක රාජපක්ෂ මහතා නාරා‍හේන්පිට යුද හමුදා රෝහලේ සාමාන්‍ය වාට්ටුවකට පෙරේදා (5) ඇතුළත් කරනු ලැබුවා.

මේ අතර ගුණතිලක රාජපක්ෂ මහතා සිය ආබාධය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියාට යොමු කළ බව ඔහුගේ පුත් නිලුපුල් රාජපක්ෂ මහතා පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

ගැටුම සම්බන්ධයෙන් කට උත්තර සියල්ල සටහන් කර ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!