මහනුවර – මහියංගනය මාර්ගය ගැන දැනුම්දීමක්

මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය වසා දැමීම හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය රියදුරන්ට දැනුම්දී තිබේ.

ඊයේ (19) සවස් කාලයේ දී ඇති වූ අධික වැසි නිසා 18 වංගුව දෙවැනි වංගුවට ආසන්නයේ ගල් සහ පස් කන්දක් කඩා වැටී ඇති අතර නායගොස් ඇති කොටසට ඉහළින් ඇති තවත් ස්ථානයක විශාල ගලක් නායයෑමේ අවධානමක් ඇති හෙයින් පොලීසිය විසින් මාර්ගය වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව මහනුවර සිට මහියංගනය දක්වා දාවනය වන වාහන තැන්නෙකුඹුර හන්දියෙන් දකුණට හැරී රන්දෙණිගල මාර්ගය ඔස්සේ ගමන්කර රජ මාවත හන්දියෙන් වමට හැරී මහියංගනය දෙසට ගමන් කළ හැකි බව පොලීසිය දැනුම් දෙයි.

මේ අතර මහියංගනය දෙස සිට මහනුවර දක්වා ධාවනය වන වාහන රජමාවත හන්දියෙන් දකුණට හැරී රන්දෙණිගල මාර්ගය ඔස්සේ ගමන්කර තැන්නේකුඹුර හන්දියෙන් වමට හැරී මහනුවර දෙසට ගමන් කළ හැකිය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *