ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇති වූ ආරවුලට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අධිකරණය විසින් ඇප මත මුදාහැර ඇත.
අත් අඩංගුවට ගත් ඔහු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරන ලදුව රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත මුදාහැර ඇත . සාපරාධී බිය ගැන්වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඇඹිලිපිටිය පොලිසිය විසින් ඔහු අත් අඩංගුවට ගෙන ඇත .