මතිවරණය දෙසැම්බර් මාසයේ

දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

අභයාරාම විහාරස්ථානයේ පැවති වැඩසටහනකට සහභාගී වී පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව පැවසුවේය.

හිටපු ජනාධිපතිවරයා පැවසුවේ, පොහොට්ටුවේ වෙන්වුණු පිරිස් නිසි වේලාවට එකතු වනු ඇති බවයි.

”බොහොම සාර්ථකව ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යනවා.. මොන මැතිවරණයක් තිබුණත් අපි ඒකට ලෑස්තියි. දෙසැම්බර් මාසේ වෙනකොට තියයි. මැතිවරණ එපැයි කියන්නේ කවුද? ”

මේහිදී රටේ ආර්ථීක තත්ත්වය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් නැගූ පැනයට හිටපු ජනාධිපතිවරයාගෙන් මෙලෙස පිළිතුරු දුන්නේ ය.

”ඒක අපි ඉතින් බලාගෙන ඉමු ”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *