බේබද්දෝ භාණ්ඩාගාරය පුරවති .

2026 වර්ෂයේ මාර්තු 31 වැනි දින වන විට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් උපයා ගෙන ඇති සුරා බදු ආදායම රුපියල් බිලියන 70.4ක් වූ අතර එය 2026 වසරේ පළමු කාර්තුව සඳහා ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 61.95 ඉක්මවා යාමකි .

මේ පිළිබඳව අදහස් දක්වන සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. ප්‍රේමරත්න පවසනුයේ සුරාබදු ආදායම වැඩිවීමට රජයේ නිසි මගපෙන්වීම හා සියලු ශ්‍රේණි වල සුරා බදු නිලධාරීන්ගේ පූර්ණ කැපවීම හේතු වී ඇති බවය .

තව ද මත්පැන් නිෂ්පාදනාගාර සහ ස්කාගාර නිරන්තරයෙන් දැඩිව අධීක්ෂණය කිරීම, මත්පැන් බෝතල් මත ආරක්ෂිත මුද්‍රා සලකුණු (ස්ටිකරය) යෙදීම, නීති විරෝධී ලෙස නිපදවන මත්පැන් සම්බන්ධ විමර්ශන තීව්‍ර කර වැටලීම් පුළුල් කිරීම, මත්පැන් නිෂ්පාදනාගාර සහ බලපත්‍ර ස්ථාන නිරන්තර පරීක්ෂාවන්ට ලක් කිරීම හා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම වැනි උපායමාර්ග සුරා බදු ආදායම සුරක්ෂිත කිරීමට බෙහෙවින් ඉවහල් වී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.