බිත්තර වල අලුත්ම තත්ත්වය

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය නැව්ගත කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

ඉන්දියාවේ තූත්තිකුඩි වරායේ සිට අදාළ බිත්තර තොගය දිවයිනට රැගෙන ඒමට සැලසුම් කර තිබෙන අතර එම බිත්තර තොගය ඊයේ (20) දිනයේ බහාලුම් ගත කිරීමට පියවර ගත් බව වාර්තා වේ.

මෙම බිත්තර තොගය ආනයනය කිරීමෙන් අනතුරු බේකරි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සඳහා ලබාදීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍යංශය සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *