බස් රථයක් ගඟකට පෙරලී 17 ක් මරුට .

නේපාලයේ තිෂුලි ගංඟාවට බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 17දෙනෙකු මියගොස් තිබේ.

එම අනතුරින් තවත් පුද්ගලයින් 24 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙලෙස අනතුරට පත්ව අත්තේ පොකාරා නගරයේ සිට නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු බලා ධාවනය වෙමින් තිබූ මගී බස් රථයකි . එරට ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.