බලු පැටවුන්ට මාරක රෝගයක්. ‍යෝගට් දෙන්න එපා! නාවන්න එපා

හඳුනා නොගත් මාරාන්තික ශ්වසන රෝගයක් කුඩා බලු පැටවුන් අතර පැතිරෙමින් පවතින බව පශු වෛද්‍ය උපුල් සාගරතිලක පැවසීය .

මෙම ශ්වසන රෝගය සඳහා මෙතෙක් සාර්ථක ප්‍රතිකාරයක් නොමැති බවත්, එය බොහෝවිට වෛරසයක් නිසා ඇතිවන්නක් විය හැකිබවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

හුස්ම ගැනීමේ අපහසුතාව හා වේගයෙන් හුස්ම ගැනීම වමනය හා පාචනය විදුරු මස අවපැහැ ගැනීම (සුදුමැලි බව) කෑම අරුචිය, කම්මැලි බව මෙහි රෝග ලක්ෂණයක් වන අතර, දෙමුහුන් පැටවුන් අතර මෙය ශීඝ්‍ර ලෙස පැතිර යන බව පෙනෙන්නට ඇත.

මෙය වළක්වා ගැනීම සඳහා කුඩා පැටවුන් හට යෝගට් ඇතුළු ශීත ආහාර මෙන්ම එළකිරි ලබා නොදිය යුතුබව වෛද්‍යරයා පවසයි. ඊට අමතවර බලු පැටවුන් මාස හතර පහක් යනතුරු නෑවීමෙන් වළකින ලෙසද පශු වෛද්‍ය උපුල් සාගරතිලක උපදෙස් දෙයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *