බදු ආදායමේ සීඝ්‍රයෙන් වැඩිවෙයි

මේ වසරේ පළමු කාර්තුව සඳහා පුද්ගල අත්තිකාරම් ආදායම් බද්දට අදාළව දේශීය ආදායම් දෙපාර්ථමේන්තුව විසින් රුපියල් මිලියන 25,577ක ආදායමක් උපයා තිබේන බව වාර්තා වේ .

ජනවාරි මාසයේදී රුපියල් මිලියන 3,106ක් සහ පෙබරවාරි මාසයේදී රුපියල් මිලියන 10,540ක් උපායා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එමෙන්ම මාර්තු මාසයේදී රුපියල් මිලියන 11,930ක බදු ආදායමක් උපයා ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා කාලය තුළ බදු ආදායමේ සීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන බව එම දෙපාර්තමේන්තුව තවදුරටත් පෙන්වා දෙයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *