බණ්ඩි පොහොර මිල පහළට

මෙවර යල කන්නයේ වී වගාව සඳහා බණ්ඩි පොහොර මිල රුපියල් 4,500කින් පහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 18,500ක පමණ මිලකට අලෙවි වන බැවින් එය ගොවි ජනතාවට දරා ගැනීමට අපහසු නිසා මිල අඩු කිරීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේය.
 
මේ පිළිබඳ අවසන් තීරණය ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩ‍ල සාකච්ඡාවේ දී ගනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *