පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල සිසුනට රජයේ රෝහල්වල සායනික පුහුණුව

පුද්ගලික විශ්වවිද්‍යාලවලින් පිටවන වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබා දීමට හැකි, රජයේ රෝහල් සම්බන්දයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇති බව වාර්තා වේ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, නෙවිල් ප්‍රනාන්දු රෝහල, ලයිසියම් කැම්පස් ඇතුළු කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල, පොළොන්නරුව යන විශ්වවිද්‍යාලවට ඇතුළත් වන වෛද්‍ය සිසුන් සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිතයට ගැනීමට සුදුසු රෝහල්, අධ්‍යනය කිරීම, සමාලෝචනය කිරීම, හඳුනාගැනීම සහ සායනික පුහුණුව ලබාදීමට ඇති හැකියාව එම කමිටුව මඟින් සොයා බැලීමට නියමිතය.

රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි, මෙම සිසුන්ට සායන පුහුණුව ලබා දෙන ලෙස එම කමිටුවට ජනධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව ද වාර්තා වේ.

ඒ අනුව හඳුනාගත් රෝහල් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය සංවර්ධන කටයුතු පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කළ යුතු අතර, සති 8ක කාලයක් ඇතුළත කමිටුවේ සොයාගැනීම් සහ නිර්දේශ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම කමිටුවට උපදෙස් ලබා දී තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *