පොහොර නොදුන් නිසා කෘෂිකර් ම නිළධාරිනියට පිහියෙන් ඇණ මරා දමයි.

අද (27) උදෑසන තංගල්ල පොලිස් වසමේ වැලිආර. නෙටොල්පිටිය ප්‍රදේශයේ දී කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනියක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව තංගල්ල පොලිසිය පවසයි .

මියගිය තැනැත්තිය එම ප්‍රදේශයේම සේවය කරන අතර අද නිවසේ සිට ක්ෂේත්‍ර රාජකාරි සඳහා යමින් සිටිය දී මෙම ඝතනය සිදුව ඇත. පෙර දින සිදුවු පොහොර ඉල්ලා ඇති වූ ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් මෙම ඝාතනය සිදුකාර ඇති බව වාර්තා වේ.

ඝාතනයට සැකපිට 41 හැවිරිදි ජයවර්ධන පතිරණගේ සරත් නොහොත් ‘ඩැනී බේබි’ නමින් හඳුන්වන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ගත් බව තංගල්ල පොලිසියේ ප්‍රකාශකයෙක් අප වෙබ් අඩවියට පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *