පොහොට්ටුවේ මහා සභා රැස්වීමට ජී.එල්ගෙන් බාල්දියක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීම,පැවැත්වීමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව වාර්තාවේ.

පොහොට්ටුවේ මහ සභා රැස්වීම හෙට (22) දිනයේ දී බත්තරමුල්ල, නෙළුම් මාවත පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබේ.

එම මහා සභා රැස්වීමේ න්‍යාය පත්‍රය පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජී.එල්. පීරිස් වෙත පක්ෂ මහලේකම් සාගර කාරියවසම් විසින් පසුගිය 11 වනදා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව අදාළ න්‍යාය පත්‍රය සහ මහා සභාවේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව තම නීතිඥයන් හරහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා වෙත දන්වා ඇති බවයි තොරතුරු වාර්තා වේ.

එමෙන්ම මහා සභාවේ දී ගනු ලබන සියලු තීරණ වලංගු භාවයෙන් තොර හා ශූන්‍ය හා ක්‍රියා විරහිත යන පදනම මත මෙම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද සඳහන් වේ.කෙසේ නමුත් අධිකරණ තීරණය අවිනිශ්චිතය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *