පොලීසියට වැඩ පෙන්නන්න COPA කමිටුව මාසයක් කල්දෙයි

නවීන තොරතුරු තාක්ෂණය භාවිතා කර කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා වූ ඉදිරි වැඩපිළිවෙල මාසයක් තුළදී ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පොලිස් දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබේ.

වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලීසිය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට (COPA) කැඳවූ අවස්ථාවේ එහි සභාපති ලසන්ත අලගියවන්න විසින් මෙම දැනුම්දීම සිදු කර තිබේ.

2016 වසරේදී කෝපා කමිටුව හමුවට, පොලිස් දෙපාර්තමේන්තුව කැඳවා තිබූ අවස්ථාවේදී මේ සම්බන්ධ නිර්දේශයක් ලබා දී තිබුණ ද තවමත් එය ක්‍රියාත්මක නොවීම පිළිබඳ මෙහිදී ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට අවස්ථාවට කැඳවා තිබූ අවස්ථාවේදී මෙම දැනුම් දීම එම සිදු කර ඇත.

මෙහිදී අදහස් දක්වමින් පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා පොලීසිය සඳහා තනි තොරතුරු තාක්ෂණ පද්ධතියක් සැකසීම අපහසු බැවින් කොටස් වශයෙන් තොරතුරු තාක්ෂණ පද්ධති හදුන්වා දීමට පියවර ගන්නා බවය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *