ශ්රී ලංකා පොලිසිය මේ වන විට නිලධාරීන් 32,000 කට ආසන්න හිඟයකට මුහුණ දී සිටින බව පොලිස්පති ප්රියන්ත වීරසූරිය පවසයි.
අපරාධ විසඳීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත ඇඟිලි සලකුණු නිලධාරීන්, අපරාධ විශ්ලේෂණ නිලධාරීන් සහ අධිකරණ ඡායාරූප ශිල්පීන්ගේ දායකත්වය අගය කිරීම සඳහා අද (30) උදෑසන පැවති උත්සවයකට සහභාගී වෙමින් පොලිස්පතිවරයා මෙම අදහස් පළකළේය.
මෙම වසරේ පොලිස් නිලධාරීන් 2,500 ක් විශ්රාම යෑමට නියමිත බවත්, ලබන වසරේ තවත් නිලධාරීන් 2,700 ක් විශ්රාම යෑමට නියමිත බවත්, එම තත්ත්වය සැළකිල්ලට ගෙන පොලිසියට නව නිලධාරීන් 10,000 ක් කඩිනමින් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.