සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම සඳහා නම් කරන ලද නැකැත් වේලාවන් පිළිබඳ මෙතුවක් එකඟ නොවූ සියලුම ජ්‍යෝතිර්වේදී කණ්ඩායම් ඒකාබද්ධ නැකැත් සීට්ටුවක් සඳහා එකඟ වී ඇති බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අද පැවසීය.
ජෝතීර්වේදී කණ්ඩායම් සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි සමඟ එම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවකට පැමිණි බව අමාත්‍යාංශ ආරංචිමාර්ග පැවසීය.