පේරාදෙණිය මල්වත්තට ගං වතුරෙන් මිලියන 120 ක හානියක් .

ජාත්‍යන්තර අවධානය දිනාගත් සංචාරාක ගමනාන්තයක්වන පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයට ගංවතුරෙන් සිදු වූ සමස්ත හානිය රුපියල් මිලියන 120කට වඩා වැඩි බව ගණන් බලා තිබේ. උද්‍යානය තවමත් පිරිසිදු කරමින් අතර එය මෙවන විට මහජනතාවට විවෘත කර ඇත .

කෙසේවෙතත්, එල්ලෙන පාලම, එළිමහන් ශාක තවාන, ඕකිඩ් තවාන, පත්‍ර තවාන සහ ඇන්තූරියම් ශාක කොටසට මෙන්ම කොම්පෝස්ට් අංගනයට ද ගං වතුරෙන් හානි සිදුව ඇත. හානි සිදු වී තිබේ . ඊට අමතරව උද්‍යානයේ ලේඛන සහ උපකරණ ද නැති වී තිබේ.

පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂිකා රුවිනි ගෝමස් පැවසුවේ එල්ලෙන පාලම අලුත්වැඩියා කිරීමට සහ ශාක තවාන් සහ මල් වගා පර්යේෂණාගාරයට මෙන්ම කොම්පෝස්ට් අංගනයට සිදු වූ හානිය නිවැරදි කිරීමට රුපියල් මිලියන 120ක් පමණ අවශ්‍ය වනු ඇති බවයි.

උද්‍යානය තුන් පැත්තකින් මහවැලි ගඟෙන් මායිම් වී ඇති බැවින් ගංවතුර බලපෑම ඉහළය.

“ඕකිඩ් තවාන ඇතුළු ශාක තවාන් බලපෑමට ලක්වුණා. ඕකිඩ් මඩෙන් වැසී තිබුණා. අපි ඒවා පිරිසිදු කිරීම, ප්‍රතිකාර කිරීම සහ නැවත සිටුවීම සිදු කරමින් සිටින්නෙ,” ඇය පැවසුවාය. ජාතික උද්භිද උද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් එච්.සී.පී. ජයවීර පැවසුවේ ශාකවලට ප්‍රතිකාර කර ජීවය පවත්වා ගැනීමට පියවර ගනිමින් සිටින බවයි.